HomeLATESTගනේතැන්න නායයෑමකින් කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගය වසා දමයි

ගනේතැන්න නායයෑමකින් කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගය වසා දමයි

මහනුවර, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගෙන තිබේ.

මෙම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

නායයෑම හේතුවෙන් මාර්ගය අවහිර වීමත් සමඟ එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් සහන හා මුදාගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක කර ඇත.

රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම්දීමක්

මාර්ගය වසා දැමීම හේතුවෙන් කොළඹ සහ මහනුවර අතර ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව පහත මාර්ග විකල්ප ලෙස භාවිත කළ හැකිය.

  • මාවනැල්ල – හෙම්මාතගම – මහනුවර / කොළඹ
  • මාවනැල්ල – හතරලියද්ද – මහනුවර / කොළඹ

ප්‍රදේශයේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් පිළිපදිමින් ආරක්ෂිතව ගමන් කරන ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular