HomeSRI LANKAඅපේක්ෂා රෝහලේ CT සිමියුලේටර් යන්ත්‍රයේ දෝෂයක් – රෝගීන් 1,500ක් පොරොත්තු ලේඛනයේ

අපේක්ෂා රෝහලේ CT සිමියුලේටර් යන්ත්‍රයේ දෝෂයක් – රෝගීන් 1,500ක් පොරොත්තු ලේඛනයේ

මහරගම අපේක්ෂා රෝහලේ CT සිමියුලේටර් යන්ත්‍රයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රෝගී ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ මේ හේතුවෙන් රෝගීන් 1,500කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බවයි.

විශේෂයෙන්ම පියයුරු පිළිකා රෝගීන් මෙම තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය. මීට පෙර දිනකට රෝගීන් 300කට පමණ ප්‍රතිකාර කළ හැකිව තිබූ අතර, මේ වන විට එම සංඛ්‍යාව 200ක් පමණ දක්වා අඩු වී ඇත.

RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular