HomeUncategorizedගලහ–දෙල්තොට මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිටී

ගලහ–දෙල්තොට මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිටී

ගලහ–දෙල්තොට මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිටී

අධික වර්ෂාව හේතුවෙන් බෝක්කුවේ කොටසක් කඩා වැටීමෙන් මාර්ගය වසා දැමේ

ගලහ–දෙල්තොට B364 මාර්ගයේ ගල්ඔය කණුව ප්‍රදේශයේ සිදුවෙමින් පවතින බෝක්කු සංවර්ධන කටයුතු අතරතුර, අද (5) ඇති වූ අධික වර්ෂාවත් සමඟ බෝක්කුවේ දකුණු ඉවුරේ කොටසක් කඩා වැටී තිබේ.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අංශ දැනුවත් කර ඇති අතර, මේ වන විටත් මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කර නොමැත.

එම මාර්ගය ඔස්සේ ගමන් කිරීමට පැමිණෙන ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පේරාදෙණිය පොලිසිය දැනුම් දෙයි.

වැඩිදුර තොරතුරු සඳහා පේරාදෙණිය පොලිසිය අමතන්න: 081 238 8033.

RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular