දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් පසුගිය සති තුන හතර තුළ නිරීක්ෂණය වී ඇති බව වසංගත රෝග විද්යා අංශය පවසයි. පසුගිය සතියේ පරීක්ෂා කළ සාම්පලවලින් සියයට 35ක් පමණ ඉන්ෆ්ලුවෙන්සා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත් සෞඛ්ය අංශය දැනුම් දෙයි. නිතර සබන් යොදා අත් සේදීම, රෝග ලක්ෂණ පවතින විට මුඛ ආවරණ පැළඳීම සහ ප්රමාණවත් විවේකයක් ලබා ගැනීම මඟින් රෝගය පැතිරීම අවම කරගත හැකිය.




