“අනිත් අය මැරෙන්න මම ඉඩ දෙන්නේ නැහැ” — ප්‍රහාරයට ලක් වූ ගුවන් නියමුවා
ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි 1073 ගුවන් යානයේදී කො-නියමුවාගේ ප්‍රහාරයකට ලක් වූ ඉන්දීය ජාතික ප්‍රධාන නියමුවා වන කැප්ටන් ස්මිත් මච්චාර්, බරපතළ තුවාල ලබා සිටියද ගුවන් යානයේ සිටි මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක පියවරක් ගෙන තිබේ.
සිද්ධිය අතරතුර යානය අඩි 17,000කට වැඩි ප්‍රමාණයකින් වේගයෙන් පහළ බැස ඇති අතර, ගුවන් යානයෙන් හදිසි සංඥාවක්ද නිකුත් වී තිබුණි. පසුව සංඥාව සක්‍රිය කර ඇති අතර, එය ගුවන් යානයක් පැහැරගැනීමක් හෝ අනවසර පාලනයක් සම්බන්ධ හදිසි තත්ත්වයක් දැක්වීමට භාවිත කරන කේතයකි.
ප්‍රහාරයෙන් තුවාල ලබා බිම වැටී සිටියද දොර විවෘත කිරීමට සමත් වී ඇති අතර, අනතුරුව මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්ව ප්‍රහාරකයා පාලනය කර තිබේ. යානයේ සිටි අතිරේක පුහුණු නියමුවන් දෙදෙනෙකුගේ සහාය ඇතිව ගුවන් යානය සෞදි අරාබියේ ටබුක් නගරය ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති වීඩියෝ ඇමතුමකදී මච්චාර් සඳහන් කර ඇත්තේ තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කරන අතරම ගුවන් යානයේ සිටි අනෙකුත් පුද්ගලයන්ගේ ජීවිත අනතුරට පත්වීමට ඉඩ නොදීමට තමන් තීරණය කළ බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ මච්චාර්පළමුව ටබුක් නගරය රෝහලට ඇතුළත් කර පසුව අබුඩාබි වෙත රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය ස්ථාවර බව වාර්තා වේ.
සිද්ධියේ පසුබිම සහ ප්‍රහාරයේ අරමුණ පිළිබඳව අදාළ බලධාරීන් විසින් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතී. එය ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධද යන්න පිළිබඳවද අවසන් නිගමනයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.




