HomeSRI LANKALocalකඩුගන්නාව මාර්ගය තාවකාලිකව විවෘත කෙරේ

කඩුගන්නාව මාර්ගය තාවකාලිකව විවෘත කෙරේ

අධික වර්ෂාවත් සමඟ ගල් පෙරළීම් සහ නායයෑමේ අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව–ගනේතැන්න කොටස අද (11) පෙරවරු 6.00 සිට නැවත රථවාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

කඩුගන්නාව ඩෝසන් කුළුණ ආසන්නයේ සහ මාවනැල්ල පොලිස් බලප්‍රදේශයට අයත් ගනේතැන්න මංසන්ධිය ආසන්නයේ ගල් පෙරළීම් හා පස් කඳු කඩා වැටීමේ අවදානම හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් කඩුගන්නාව–ගනේතැන්න කොටසේ එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට තීරණය කර ඇත.

තවදුරටත් වර්ෂාව පවතින්නේ නම් ආරක්ෂක හේතූන් මත රාත්‍රී කාලයේදී මාර්ගය නැවත වසා දැමීමට සිදුවිය හැකි බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කර තිබේ.

එබැවින් එම මාර්ගයේ ගමන් කරන රියදුරන්ට විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසත්, හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් දැනුම් දී ඇත.

RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular