හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ (SJB) තමන් දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු දැනුම් දී ඇත්තේ, කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක ධුරය, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධුරය, සමගි සේවක සංගමයේ සභාපති ධුරය, විපක්ෂ නායකවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් ධුරය සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ඇතුළු තමන් දැරූ සියලු තනතුරුවලින් මෙසේ ඉල්ලා අස්වන බවයි.




